Gossips

අයි.කේ. මහනාම සහ පී. දිසානායක යළි රක්ෂිත බන්ධනාගාරයට

රුපියල් මිලියන විස්සක අල්ලස් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි අයි.කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක අද (26) යළි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.