Gossips

අයි. ඕ.සී. ඉන්ධන මිලත් ඉහළට – සහනාධාරයක් නැත්නම් මීටර ගලවන බව ත්‍රිරෝද රථ හිමියන් කියයි

අයි. ඕ.සී. ඉන්ධන මිලද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 132 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල 162 ක් වනවා.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 කටත් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 134 කටත් අලෙවි කරනු ඇති.
මේ අතර තමන්ට ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් මීටර භාවිතයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය පවසනවා.
එහි සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද දිනයේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා ලිඛිතව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර, ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට බස් සංගම් තීරණය කර තිබෙනවා.