සිරියාවේ අයි.එස්. සංවිධානය සතු අවසන් බලකොටුව ද තමන් අත්පත් කර ගත් බව ඇමරිකාවේ සහය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා ප්‍රකාශ කළා.
එමගින් කියා සිටියේ අයි.එස්.වරුන් දැන් මුළුමනින්ම සිරියාවෙන් නෙරපා ඇති බවයි.
අයි.එස්. සංවිධානය වරෙක සිරියාව සහ ඉරාකයේ වර්ග කිලෝමීටර් 88,000ක භූමි ප්‍රදේශයක සිය බලය පතුරුවා තිබුණා.
කුර්දිවරුන්ගේ ප්‍රමුඛත්වය සහිත සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ හමුදා අයි.එස්. සංවිධානයේ අවසන් බලකොටුව වූ බගූස් වටලා මෙහෙයුමක් දියත් කළේ මේ මස මුලදියි.
