අයි.එස්. සංවිධානයට සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ 25 හැවිරිදි ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයාට ඇප ලබාදීම එරට ප්‍රාන්ත අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොන්ත්‍රාත් සේවකයෙකු ලෙස කටයුතු කළ මොහු ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවට පැමිණි අයෙකු බවයි හෙළිදරව් වී ඇත්තේ.
ඕස්ට්‍රේලියානු ත්‍රස්ත මර්දන කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් මොහුගේ සටහන් පොත්වල සිඩ්නි නුවර මර්මස්ථානවල තොරතුරු ඇතුළත්ව තිබූ බව සඳහන්.
මීළඟ නඩු විභාගය ඔක්තෝම්බර් 24 වන දා පැවැත්වීමට අධිකරණය තීන්දු කළා.
