උතුරුදිග සිරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇමරිකානු ආරක්ෂක අංශ නිලධාරීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තවත් නිලධාරීන් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
2014 වසරෙන් පසු අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් ඇමරිකානු හමුදාවන්ට එල්ල කරන ලද දරුණුතම ප්‍රහාරය මෙය වන බවයි පෙන්ටගනය ප්‍රකාශ කළේ.
