Gossips

අයිස් සමඟ පුද්ගලයෙකු අනුරපුරේදී අල්ලයි

අයිස් නැමති මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුරය නගරයේදී ඊයේ (07) අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී අයිස් ග්‍රෑම් 170 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – තිල්ලෙඅඩි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.