අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අනුරාධපුර දුම්රිය ස්ථානයේදී ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ සිට පැමිණි දුම්රියේ පැමිණ ඇති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 100ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
සැකකරු 27 හැවිරිදි අනුරාධපුර, පුබුදුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මීට දින කිහිපයකට පෙර ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය කොළඹ ප්‍රදේශයෙන් මිලදී ගන්නා බවයි.
ඔහු අද (10) දින අනුරාධපුර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
