Gossips

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු තලෙයිමන්නාරමදී අත්අඩංගුවට

තලෙයිමන්නාරම රෝහල ඉදිරිපිටදී මෙතෆෙටමින් හෙවත් අයිස් නැමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (22) සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී අයිස් නමැති මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
සැකකරුවන් අවුරුදු 16 සහ 23 වන හැවිරිදි වියේ පසුවන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මේ අතර රුපියල් කෝටි 2ක් වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 2ක් සමග සැකකරුවන් 03 දෙදෙනෙකු ඊයේ(22) පුත්තලම ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.