Gossips

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට (ඡායාරූප)

අයිස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (01) දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
22 හැවිරිදි වියේ පසුවන මෙම ඉන්දීය ජාතික තරුණයා , ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මුල් වරටයි.
ඔහු අද (01) දින අලුයම 1.48 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුල් දෙකක , මෙම අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් දෙකක් ලෙස සකස් කර සගවා ගෙන තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒවායේ මුළු බර ග්‍රෑම් 484 ක් වන අතර , මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 58 ලක්ෂයක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙකු ප්‍රකාශ කළා.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී. කපිල