අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 94 ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනෙකු පානදුර – කෙසෙල්වත්ත – නිව්දෙව්ගම ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් කුලී පදනම මත ලබා ගත් මෙම නිවස භාවිත කර මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
එම නිවසේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරම සදහා යොදා ගත් ජංගම දුරකථන 16 ක් සහ සිම්කාඞ් පත් 19 ක් ඇතුළු උපකරණ තොගයක් ද සොයා ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව 22 හැවිරිදි තැනැත්තියක් වන අතර, සෙසු පුද්ගලයින් දෙදෙනා 28 සහ 30 හැවිරිදි එකම පවුලේ සහෝදරයන්.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කැලූම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා සමග ඔවුන් සබදතා පැවැත්වූයේ ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
