ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක සහ කොචින් අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
ඒ හේතුවෙන් අද (15) පෙරවරු 9 ට කොචින් බලා පියාසර කිරීමට නියමිතව තිබූ යූ.එල්. 165 දරණ ගුවන් යානය අවලංගු කර ඇති බව සදහන්.
කෙසේ වෙතත්, ගුවන් මගීන් හෝටල් කරා මේ වනවිට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
