Gossips

අයහපත් කාලගුණය නිසා මාළු මිල ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ ධීවරයින් සිය ධීවර කටයුතු වලින් ඉවත් වී තිබෙනවා.
මේ තත්ත්වය නිසා සිය දෛනික කටයුතු වලටද දැඩි බාධා එල්ල වී ඇති බවයි ධිවරයින් පවසන්නේ.
මේ අතර අද (13) උදෑසන මුලතිව් මුහුදේදී ධීවර යාත්‍රාවක් අතුරුදහන් වීමත් සමග මන්නාරමේ සියලුම ධීවරයින් ද සියලුම ධීවර කටයුතු වලින් ඉවත් වී තිබෙනවා.
මේ අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතිය හොත් සිය දෛනික ආර්ථකයට දැඩි බලපෑමක් එල්ල වන බවටත් එසේ වුවහොත් මාළු මිල ගණන්ද ඉහලයා හැකි බවයි උතුරේ ධීවරයින් පවසන්නේ.
පවතින අයහපත් කාලගණික තත්වය සාමාන්‍ය තත්වයට පත් වන තුරු මුහුදු ගමන් වලින් වැලකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
ඉදිරියේදී පවතින කාලගුණ තත්ත්වයේ යම් අඩුවීමක් සිදුවුවත් නාවික හමුදාවේ අවසරය හෝ අධීක්ෂණය යටතේ ධිවර කටයුතු වල නිරත වන ලෙසටයි උතුරු පළාත් ධිවර පරීක්ෂණ ආයතනය ධිවරයින්ට උපදෙස් දී ඇත්තේ.

(ඡායාරූප -රෝමේෂ් මදුෂංක)