Gossips

අයහපත් කාලගුණයෙන් 153,000 කට පීඩා (ඡායාරූප)

දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පවුල් 40,017 කට අයත් පුද්ගලයින් 153,712 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
එමෙන්ම, අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්වී සිටින බව ද එම මධ්‍යස්ථානය සදහන් කළා.
මේ අතර, එරාවුර් – සන්දිවේලි – ආරු කලපුවේ ධීවර කටයුතු සදහා ඔරුවකින් ගමන් කරමින් සිටියදී ඔරුව පෙරලී අතුරුදන් වූ ධීවරයාගේ මළ සිරුර අද පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.
මේ අතර ජල ගැලීම්වලට කොටුවී සිටි පිරිසක් බේරා ගැනීමට ගොස් අතුරුදන්වූ පොලිස් නිලධාරියා සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ දහවල් අතුරුදන්වු නිලධාරියා සොයාගැනීමට නාවික හමුදාව සහ යුද හමුදාව ද මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
පවතින දැඩි වර්ෂාපතනයත් සමග කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ මිනුවන්ගොඩ මීගමුව මාර්ගය ද ජලයෙන් යටවී තිබෙනවා.
කිඹුලාපිටිය, ගල්මංකඩ, බටපඳුර, මඩවල, හීනටියන සහ කෝවින්න ප්‍රදේශ මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ හේතුවෙන් ජලය බැස යන තෙක් එම මාර්ග භාවිතයේදී සැලකිලිමත් වන ලෙසටයි පොලිසිය දැනුම්දෙන්නේ.


ඡායාරූප – සීදූව ප්‍රසාද් මුතුකුඩ