අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වුණා.
විපක්ෂය වෙනුවෙන් අයවැය විවාදය ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධනයි.
කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අයවැය විවාදය ආරම්භ කළා.
අද සිට දින 06ක් දෙවන වර කියවීමේ විවාදය පැවත්වෙන අතර, එහි ජන්ද විමසීම ලබන 12 වනදා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 13 වනදා සිට දින 19 ක් පැවැත්වෙනු ඇති.
අයවැය අවසන් ජන්ද විමසීම අප්‍රේල් 5 වනදා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.