Gossips

අයවැය විවාදයට එක්වූ මැති ඇමතිවරුන් සුව නින්දේ

බස්නාහිර පළාත් සභාවේ ක්‍රියාකාරකම් පසුගිය කාලයේදී විටින් විට කතාබහට ලක්වුණා.
ඒ, එම සභාවට අලුතින් ඉදිකළ මහල් 12 කින් සමන්විත ගොඩනැගිල්ලේ සිදුවූවේයැයි පැවසෙන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන්.
කෙසේ වෙතත් නැවතත් බස්නාහිර පළාත් සභාව කරලියට පැමිණෙන්නේ එහි අය වැය සම්මත කරන අවස්ථාවේදී වූ සිදුවීමක් හේතුවෙන්.
බස්නාහිර පළාත් සභාව පසුගිය කාලයේදී පුවත් මැවූ ආයතනයක් බවට පත් වුණේ විශාල මුදලක් වැය කරමින් එම සභාවට අලුතින් ඉදි කල මහල් 12කින් සමන්විත ගොඩනැගිල්ල හේතුවෙන්.
සභාවේ රැස්වීම් ශාලාවට එකක් රුපියල් හය ලක්ෂ හතලිස් දහසක් වටිනා පුටු 125ක් ගෙන්වීමට කළ යෝජනාවකට විවිධ පාර්ශ්ව වලින් දැඩි විරෝධයක් එල්ල වූ අතර පසුව එම ඇනවුම වහාම අවලංගු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර වරයාට සිදු වුණා.
මීට අමතරව රුපියල් කෝටි එකහමාරක් වටිනා දොරක් සවිකිරිම මෙන්ම කැමරා සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමේදි රුපියල් මිලියන 37ක වංචාවක් සිදුව ඇති බවටද බස්නාහිර පළාත් සභාවට චෝදනා එල්ල වුණා.
අධික වියදමක් දරමින් සභාවේ සෑම මන්ත්‍රීවරයෙකුටම නවීන ටැබ් පරිඝණයක් ලබා දීමට පළාත් සභාව කටයුතු කර තිබුනද, ඇතැම් මන්ත්‍රීවරුන් එම තාක්ෂණය භාවිත කර තිබුණේ අසභ්‍ය චිත්‍රපට නැරඹීමටයි.
තත්ත්වය මෙසේ තිබියදී බස්නාහිර පළාත් සභාවේ ලබන වසර සඳහා වන අයවැය ඡන්ද විමසීම ඊයේ සිදුකෙරුණා.
ඡන්ද විමසීමට පෙර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සිය අදහස් පළ කරන අතරතුරදී, සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන් සුවදායක නින්දක පසුවන ආකාරය අපගේ කැමරාවේ සටහන් වුණා.
විටෙක අනවශ්‍ය වියදමක් දරා පුටු ගෙන්වමින්ල සභාවේ පරිඝණක වලින් අසභ්‍ය චිත්‍රපට නරඹමින් සහ තවත් විටෙක නිද්‍රාශීලිව හිඳිමින් බස්නාහිර පළාත් සභාවේ මහජන නියෝජිතයින් මේ අවමන් කරන්නේ ඡන්ද දායකයින්ට නොවන්නේද ?
අප ප්‍රධාන අමාත්‍යවරයාගෙන් විමසා සිටින්නේ, කප්පරක් ප්‍රශ්න වලින් දුක් විඳින ජනතාවක් සිටින රටක එම ජනතාවගෙන්ම නඩත්තු වන රාජ්‍ය ආයතනයක් රටට විහිළු සපයද්දී මාධ්‍යයක් ලෙස නිහඬව සිටින්නේ කෙසේද යන්නයි.