අයවැය තුන්වන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුනා.
ඊට පක්ෂව ඡන්ද 119ක් හිමිවු අතර විපක්ෂව හිමිවු ඡන්ද සංඛ්‍යාව 74ක්.
ඡන්ද විමසීම සිදු කෙරෙන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 32ක් සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.
පසුගිය මාර්තු මස 05 වැනිදා මේ වසරට අදාළව අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව පසුගිය 12 වැනිදා අයවැය දෙවන වර කියවීම පිළිබදව පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 43කින් සම්මත වුණා.
එදින අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 76 ක් පමණයි.
වැය ශීර්ෂ විවාදයට ගැනෙන අවස්ථාවේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත්වීමද විශේෂත්වයක්.
ඒ වෙනුවෙන් පසුව පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිදුවුණා.
