Gossips

අයවැය යෝජනා පිලිබඳ විවිධ අදහස්

පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනා සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.
ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ජනතාව රවටා ඇති බවයි.
එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළේ මෙම අයවැය යහපාලන ආණ්ඩුවේ අවසන් අයවැය බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අද සිය මූලස්ථානයේදී අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කරුණු නොදැන ඇතැම් ප්‍රකාශ සිදුකරන බවයි.
ජනතා විමුක්ති පෙරමුණ කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ ණය මත පදනම් වූ අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති බවයි.