මෙම වර්ෂය සඳහා වන අයවැය මාර්තු මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 
රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ඊට අදාළ අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. 
ඒ අනුව අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.



