Gossips

අයවැය පරතරය අඩු කරන්න ජනපතිගෙන් යෝජනාවක්

මෙරට අඛන්ඩව වර්ධනය වන අයවැය පරතරය අවම කිරීමට නම් වංචා හා දූෂණවලට තිත තැබිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා රුපියල අවප්‍රමාණය සම්බන්ධයෙන්ද අදහස් පළ කරමින් කියා සිටියේ ආනයන සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා ජනතාවගේ කැමැත්ත පවතින්නේ නම් තමන්ද සියයට 200 ක් ඊට එකඟ බවයි.
මේ අතර රුපියල් ලක්ෂ 500 ක වියදමින් ඉදිකෙරුණු මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ද ජනාධිපතිවරයා ජනතා අයිතියට පත් කළ අතර, කඩවත – කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකල නව පිහිනුම් තටාකය ද සිසු අයිතියට පවරා දුන්නා.
එමෙන්ම, ජනාධිපතිවරයා කඩවත එස්.කේ.කේ. සූරියආරච්චි ද්විතියික විද්‍යාලයේ ඉදිකරන ලද නව තාක්ෂණික විද්‍යාගාරය ද සිසු අයිතියට පවරා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.