Gossips

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2019 අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. පසුගිය 5 වන දා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය 6 වන දිනටත් අද විවාදයට ගැනෙනවා.
තමන් අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කරන බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියා.
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සඳහන් කළේ අයවැය ජන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත්, අයවැයට ඡන්දය ලබාදීමට නම් රජයට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පාර්ලිමේන්තුවේදී ඊයේ සදහන් කළා.
අද පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අයවැයට ඡුන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කළේ.
කෙසේ නමුත්, අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡුන්දයෙන් ජයග්‍රහණය කරන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියා.