අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි අද විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ.
මේ අතර ඊයේ දිනයේදී ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, ස්වාධීන කොමිෂන් සභා ඇතුලූ ආයතන 22 ක වැය ශීර්ෂ විවාදයට ගැනුනා.
එම වැය ශීර්ෂ සංශෝධන රහිතව, ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා.
එහිදී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරයෙකු වන චමින්ද විජේසිරි බෙදීමක් ඉල්ලා සිටියත්, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම අනතුරුව නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව මූලාසනයට දැනුම් දුන්නා.
