අයවැයට ඡන්දය ලබා දෙනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අද පස්වරු 4 ට රැස්වී සාකච්ඡා කිරීමට නියමිතයි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අයවැය විමසන අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.