අයවැය අවසන් ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හෙට රාත්‍රියේ පැවැත්වෙනවා.
ඒ, කොළඹ – මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදියි.
අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසිමේදී නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජන්දය ප්‍රකාශ කිිරිමෙන් වැළකී සිටියා.
නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගත් මෙම තීරණය හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව වෙනස් විය හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග වෙනස්විය හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම සාකච්ඡාව සඳහා අනිවාර්යයෙන්ම සහභාගිවන ලෙසට පක්ෂයේ සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදියි.
මෙම සාකච්ඡාවලින් පසුව ජනාධිපතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ලබන 4 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනු ඇති.
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙවත් අවසන් ඡන්ද විමසීම මේ මස පස්වනදා පැවැත්වෙනවා.
