Gossips

අයවැය ගැන නිදහස් පක්ෂ අවසන් තීරණය අද

අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වනවා.
මෙම රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්වීමට නියමිතයි.
නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පෙරේදා රැස්වූ අතර, එහිදී අයවැයට ඡන්දය ලබාදෙන ආකාරය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අද යළි රැස්වීමට එකඟතාවකට පැමිණියා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡුන්දය ප්‍රකාශ කරන බව දැනටමත් දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද අවසන් ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ යුතු බවට තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවයි.