Gossips

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය අදයි

විදේශ ආයෝජකයින් එක් කර ගනිමින් හෝ මත්තල ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලීමක් කළා.
ඒ, අයවැය කාරක සභා විවාදයේ 10 වන දිනයට එක්වෙමින්.
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද දිනයේ විවාදයට ගැනෙනවා.