Gossips

අයවැය කතාව තව මොහොතකින්

2019 වසරට අදාළ අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර තව සුළු වේලාවකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සදහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණ සිටින බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.
මුදල් අමාත්‍යවරයා අද ඉදිරිපත් කිරීමට නියමිත අයවැය වත්මන් රජයේ 5 වන අයවැය වන අතර එය ශ්‍රී ලංකාවේ 73 වන ජාතික අයවැය ද වනවා.