Gossips

අයවැය ඇස්තමේන්තුවල පරස්පරතා – ආචාර්ය බන්දුල ගුණවර්ධන

2019 අයවැය ලේඛනයේ, ඇතැම් ඇස්තමේන්තුවල පරස්පරතා මහජන මුදල් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව මගින් පෙන්වා දී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කෙසේ වෙතත් එම කාරක සභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ එවැනි කිසිදු පරස්පරතාවක් අදාළ වාර්තාවේ නොමැති බවයි.
කෙසේ නමුත්, ඇතැම් ඇස්තමේන්තු නිසි පරිදි දක්වා නොමැති බවත් ඇතැම් ඇස්තමේන්තුවල පරස්පරතා පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියා.