අයවැයෙන් තුනෙන් එකක් පරාජයට පත්වූ ආණ්ඩුව මේ වන විට පරාජිත ආණ්ඩුවක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ බලංගොඩ ප්‍රදේශයේ පැවති ආගමික අවස්ථාවකට එක්වෙමින්.
මේ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ඊයේ (30) රාත්‍රියේ අලුත්ගම – ඓතිහාසික කන්දෙ විහාරය වැද පුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
විහාර භූමියට පැමිණ සිටි බැතිමතුන් සමඟ ද ඔහු සුහද කතාබහක නිරත වුණා.
