මෙවර අයවැයේ කිසිදු අර්ථාන්විත වැඩපිළිවෙලක් සඳහන් වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ 2019 අයවැය දෙවන වර කියවීමේ හතරවන දින විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.
අද පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය දයා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ද අදහස් පළ කළා.
