2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 16 වන දිනය අදයි.
ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
ඊයේ දිනයේදී අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත තුන්වර කියවීම සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදි සම්මත වූ අතර, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ එහිදී විවාදයට ලක් කෙරුණා.