Gossips

අයවැයෙන් වාහන මිල වැඩිවන හැටි වාහන ආනයනකරුවන් කියයි

2019 වසර සඳහා වන අයවැය යෝජනාවලට අනුව Wagon R මෝටර් රථයක් රුපියල් 250,000 කින් ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසනවා.
එමෙන්ම Alto මෝටර් රථයක මිල රුපියල් 150,000කින් ඉහළ යනු ඇති.
මීට අමතරව Axio සහ Aqua මෝටර් රථ රුපියල් 600,000කින් වැඩිවන බවයි මෝටර් රථ ආනයනකරුවන් සඳහන් කළේ.
Premio සහ CHR මෝටර් රථ මිල රුපියල් 700,000කින් ඉහළ යන බව ද ඔවුන් ප්‍රකාශ කළා.
මෙවර අයවැයෙන් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී වාහන බදු ඉහළ නංවා තිබෙනවා.
මේ අනුව සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 150,000 කින් සහ සිලින්ඩර් ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 175,000 කින් ඉහළ නංවා තිබෙනවා.
සිලින්ඩර ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද වැඩිකර ඇත්තේ රුපියල් ලක්ෂ 5 කින්.
එසේම සිලින්ඩර ධාරිතාව 800 ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහනවල නිෂ්පාදන බද්ද රුපියල් 250,000 කින් සහ 1500ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් ලක්ෂ 5 කින් ඉහළ නංවා තිබෙනවා.
තවද ත්‍රිරෝද රථ නිෂ්පාදන බද්ද ඉහළ නංවා ඇත්තේ රුපියල් 60,000 කින්. කෙසේ වෙතත් කිලෝවොට් 70 විදුලි මෝටර් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද රුපියල් 175,000 කින් සහ කුඩා ට්‍රක් රථ සඳහා පනවා ඇති නිෂ්පාදන බදු අඩුකර තිබෙනවා.