Gossips

අයවැයට විරුද්ධ වීමට සැරසෙන දෙමළ ජාතික සන්ධානය

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර නොගන්නේ නම් අයවැයට විරුද්ධව දෙමළ ජාතික සන්ධානය ඡන්දය පාවිච්චි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් පවසනවා.
අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින දෙමළ සිරකරුවන් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
තම අධිකරණ කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලමින් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ සැකකරුවන් 12 දෙනෙකු උපවාසයක නිරතව සිටිනවා.
එම පිරිස හමුවීම සඳහා ඔවුන්ගේ ඥාතීන් ඊයේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණියේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්ද සමඟින්.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් ද උපවාසයේ නිරත සැකකරුවන් හමුවීමට පැමිණ සිටියා.