මෙවර අයවැය සඳහා යෝජනා ලබන මස 11 වනදාට පෙර ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු පාර්ශවකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ශක්තිමත් ආර්ථීකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ ලබන මාර්තු මස 5 වනදා අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙවර අයවැය ජනතා හිතවාදී අයවැයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිවයි මෙලෙස යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත්තේ.
