Gossips

අයවැයට කැබිනට් අනුමැතිය

2019 අයවැය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.
එහිදී ඊට මෙලෙස අනුමැතිය හිමි වූ බවයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
2019 වසරට අදාළ අයවැය අද මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.