Gossips

අයර්ලන්ත පළමු ඉනිම 508/8යි

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ අයර්ලන්ත ඒ කණ්ඩායම අතර සූරියවැව – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ඒ කන්ඩායම පළමු ඉනිම අවසානයේ කඩුලු 8කට ලකුණු 508ක් රැස් කළා.
එහිදී සුවිශේෂ ඉනිමක් ක්‍රීඩා කළ රොක් ලකුණු 85 ක් රැස්කළා.
ටකර් ලකුණු 80 යි.
පන්දු යැවීමේදී චාමික කරුණාරත්න සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු තුන බැගින් දවාගත්තා.
අනතුරුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 303ක් පමණයි.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ පෙරේරා ලකුණු 127 ක් රැස්කළේ හතරේ පහර 17 ක් සමඟින්.
ෂම්මු අශාන් හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 72 ක් රැස්කළා.
අනතුරුව අයර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරඟය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස් කරගෙන සිටියා.
පැතුම් නිස්සංක ලකුණු 92 ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායමට වඩා ලකුණු 25 ක් පසුපසින් සිටින්නේ තවත් කඩුලු 6 ක් අතැතිවයි.
තරඟය අද දිනයේත් පැවැත්වෙනු ඇති.