Gossips

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අලූත් බලාපොරොත්තුවකින්

ටෙස්ට් වරම් ලැබූ නවතම රටවල් දෙක වන අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය සිය ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය හිමි කර ගැනීමේ අරමුණින් අද පිටියට පිවිසෙනවා.
ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර මෙම තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාවේ දෙහෙරාදුන් හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදියි.
අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අයි.සී.සී. පූර්ණ ටෙස්ට් සාමාජිකත්වය හිමි කර ගැනීමට සමත් වූයේ එක්දින තරඟවලදී දැක්වූ දස්කම් හේතුවෙන්.
කෙසේ නමුත්, තමන්් මුහුණ දුන් ප්‍රථම ටෙස්ට් තරඟවලින් කණ්ඩායම් දෙකම පරාජය ලැබුවා.
අයර්ලන්තය එහිදී පාකිස්තාන පිළ අතින් පරාජයට පත්වූයේ දෙවන ඉනිමේදී ඔවුන්ට අභියෝගයක් එල්ල කරමින්.
කෙසේ නමුත්, ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වූ ඉන්දියාව සමඟ පැවති සිය ප්‍රථම ටෙස්ට් තරඟයේදී ඇෆ්ගනිස්ථාන පිළේ ඉනිම දෙකම එක් දිනකදී නිමාවට පත්වීම විශේෂත්වයක්.