Gossips

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය සටනක

2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟයක් අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර දැන් පැවැත්වෙනවා.
සිම්බාබ්වේ – හරාරේ නුවර පැවැත්වෙන තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 209 ක් රැස්කළා.
ජයග්‍රාහී ඉලක්කය හඹායන ඇෆ්ගනිස්ථානය මීට ටික වේලාවකට පෙර පන්දුවාර 20 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 94 ක්.