Gossips

අයර්ලන්තයේ අධිකරණ සංකීර්ණයක් ඉදිරිපිට පිපිරීමක්

උතුරු අයර්ලන්තයේ ලොන්ඩොන්ඩරි අධිකරණ සංකීර්ණය ආසන්නයේ මෝටර් රථයක සවි කර තිබූ බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.
අධිකරණ සංකීර්ණය අසළ බෝම්බයක් ඇති බවට එරට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් එම ස්ථානයට ළඟා වන අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර, එම ප්‍රදේශයේ ආරක්ෂක විධි විධාන මේ වන විටත් තර කර තිබෙනවා.