අයතා මාරුකිරීම්වලට එරෙහිව වහලය මත උපවාසයේ
උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රියදුරන් 04 දෙනෙකු වෙනත් දෙපාර්තමේන්තුවකට ස්ථාන මාරු කිරිමට විරෝධය පළ කරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
එසේ සත්‍යග්‍රහයේ නිරත රියදුරන්ගෙන් දෙදෙනෙකු අද (12) පෙරවරුවේ සිට අනුරාධපුර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයයේ වහලය මතට නැග විරෝධතාවයක් ආරම්භ කර ඇත.
මෙසේ වහලය මතට නැග විරෝධතාවයේ නිරතව සිටින රියදුරන් දෙදෙනා භූමිතෙල්ද රැගෙන වහලය මතට නැග සිටින බවත් අද දින තමන්ට සාධාරණ විසදුමක් නොලැබෙන්නේ නම් ගිනි තබා ගෙන සිය දිවි නසා ගන්නා බවටත් ඔවූහු පෙන්වා දෙති.
සෞඛ්‍ය සේවයේ නිරතවන්නන් සෞඛ්‍ය සේවයේ නොවන වෙනත් ආයතනවලට මාරු කිරීම අත්හිටුවමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝගයක්ද නිකුත් කර තිබියදී මෙසේ තමන්ව වෙනස් ස්ථාන වෙත මාරු කිරීම අයතා ක්‍රියාවක් බවත් තමන් අවුරුදු 20කට වැඩි කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන්නන් බවත් ඔවූහු පෙන්වා දෙති.