දඹුල්ල – කපුවත්ත ප්‍රදේශයේ වත්තකින් අඹ සොරාගත් තරුණයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මොවුන් තවත් මිතුරන් තුන්දෙනෙකු සමඟ මෙලෙස අඹ සොරාගෙන මලූවල අසුරා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් පැවති අවස්ථාවේ වත්තේ හිමිකරු විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
මෙම සිද්ධියට සහයෝගය දැක්වූ අනෙක් සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මකයි.


