Gossips

අඹ සුජී අත්අඩංගුවේ

පුද්ගල ඝාතන දෙකකට සහ තවත් අපරාධ රැසකට අදාළව චෝදනා එල්ල වූ ජූලම්පිටිය සජිත් කුමාර හෙවත් අඹ සුජී නැමැත්තා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල – නෙටොල්පිටිය වාහන සේදුම් ආයතනයකදී පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියටද චෝදනා එල්ල වුණේ මොහුටයි.
මීට අමතරව තවත් පුද්ගලයින් තුන් දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන්ද සැකකරුට චෝදනා එල්ල වන බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු ඊයේ තංගල්ල – පට්ටියපොලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුකට අනුවයි.
එහිදී බෝර දොලහේ ගිනි අවියක්, ජීව උණ්ඩ තොගයක්ද සොයාගෙන තිබෙනවා.
මීට අමතරව ජංගම දුරකතන 05 ක්, යතුරුපැදියක් සහ ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක්ද පොලිසිය සොයාගෙන ඇති බව සඳහන්.