Gossips

අඹ ගෙඩි සොරකම් කළ කාන්තාවට තරයේ අවවාද කර මුදා හැරේ

අසල්වැසි නිවසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කර ළඟ තබා ගත් බවට චෝදනා එල්ලව සිටි අනුරාධපුර – සාලියපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාව වරද පිළිගැනීමෙන් පසු තරයේ අවවාද කර මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය එහිදී කියා සිටියේ වයෝවෘද්ධ කාන්තාවක වන ඇයට සොරකම් කිරීමේ චේතනාවක් තිබී නොමැති බවයි.
අනුරාධපුර – සාලියපුර – ජයන්ති ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ අනුරාධපුර පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගත්තා.
පසුව අඹ ගෙඩි 3ක් පමණක් කඩා ගත් බව ඇය සඳහන් කළ අතර, නඩුවට අදාළව අඹ ගෙඩි 19ක් පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස ලේඛනගත කර තිිබුණා.