Gossips

අඹේපුස්ස යුද හමුදා සෙබලාගේ ඝාතනයට දෙන්නෙක් අත්අඩංගුවට

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුගේ ගිනි අවිය පැහැරගැනීමේ සිද්ධියට එම කඳවුරේම සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.
විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ කොල්ලකෑම් සිදුකිරීම සඳහා මෙම හමුදා සෙබළාගේ ගිනි අවිය මොවුන් විසින් පැහැරගෙන ඇති බවයි.
එමෙන්ම පැහැරගත් ගිනි අවිය සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් මේ වනවිටත් අනාවරණ වී ඇති බව සඳහන්.
මියගිය යුද හමුදා සෙබලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගියදා ගම්පහ රෝහලේ සිදුකළ අතර, එහිදී අනාවරණ වුණේ තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් ඔහුගේ හෘදයට හානි සිදුව ඇති බවටයි.
මියගිය හමුදා සෙබලා වසර දෙක හමාරක පමණ කාලයකට පෙර දී යුද හමුදාවට බැදී ඇති අතර, ඔහු අඹේපුස්ස යුද හමුදා කදවුරේ සම්මාන ධජ රදවා ඇති ස්ථානයෙහි ඇති මුර කුටියෙහි රාජකාරීයේ නිරතව තිබෙනවා.
මියගිය 21 හැවිරිදි යුද හමුදා සෙබලා කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සිය පවුලේ දෙවැන්නායි.
ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණේ පසුගිය ඉරිදායි.