අඹේපුස්ස – යුද හමුදා කඳවුර තුළ දී හමුදා සෙබලෙකු ඝාතනය කර, ගිනි අවියක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු හෝකන්දර සහ බියගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අඹේපුස්ස යුද හමුදා කඳවුරේම සෙබලුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
ඔවුන්ගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීම්වලට අනුවයි ඊයේ (08) සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඉන් එක් සැකකරුවෙකු හිටපු යුද හමුදා සෙබලෙකු වන අතර, අනෙක් සැකකරු දැනට යුද හමුදා සේවයේ නිරතව සිටින අයෙක්.