Gossips

අඹුසැමි යුවළගේ ජාවාරම වැලිමඩදී කොටුවෙයි

හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වැලිමඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (18) අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 270ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
ලද තොරතුරකට අනුව ලොරි රථයක් නවතා කළ පරික්ෂා කිරීමේදී එහි රියදුරු සන්තකයේ තිබී හෙරොයින් පැකට් 03ක් සහ කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් පැකට් 18ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සහ සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ හෙරොයින් තැන් තැන් වල සඟවා ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය සැමියා සහ බිරිඳ බවට අනාවරනය වී ඇති අතර සැකකරු 40 හැවිරිදි වියේ සහ සැකකාරිය 35 වන වියේ පසුවන්නනියක් බව සඳහන්.
ඔවුන් මහනුවර, තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අත්අඩංගුවට ගැනුණු දෙදෙනා අද (19) දින වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.