අනුරාධපුර පොලීසිය අසාධාරණ ලෙස තමන්ට සහ පවුලේ අයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව පවසමින් අඹුසැමි යුවලක් අද පොලීස් ස්ථානය ඉදිරිපිට මාර ගසකට නැග මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් අනුරාධපුර ශ්‍රාවස්තිපුර – මොරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
47 හැවිරිදි ඩබ්ලිව්.ජේ.ඒ. විජේරත්න සහ ඔහුගේ බිරිද වන 45 හැවිරිදි ශාන්තිලතා සුධර්මා මෙලෙස උපවාසයේ නිරතව සිටින බව එහි සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.
