අඹගෙඩි 19 ක් සොරකම් කළ කාන්තාවක් අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී වරද පිලිගෙන තිබෙනවා.
මීට අදාළ නඩුව ඊයේ කැදවනු ලැබූ අවස්ථාවේදී ප්රධාන මහේ්ස්ත්රාත් ජානක සමරතුංග ප්රකාශ කළේ සැකකාර 70 හැවිරිදි කාන්තාවට දඩුවම් නියම කිරීම මේ මස 30 වනදා සිදුකරන බවයි.
අනුරාධපුර සාලියපුර ප්රදේශයේ පදිංචි මෙම කාන්තාව, තම ගෙවත්තේ පිහිටි අඹ ගසෙන් ගෙඩි 19 ක් හොර රහසේ කඩාගෙන ගිය බවට එම ප්රදේශයේ පදිංචි කාන්තාවක් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබුණා.
මෙය සුළු සිද්ධියක් බැවින් එය සමතයකට පත් කර ගන්නා ලෙසයි පැමිණිල්ල විභාග කළ පොලීසිය එම කාන්තාවට දැනුම්දී තිබුණේ.
එහෙත් ඊට අකමැත්ත ප්රකාශ කළ කාන්තාව අධිකරණයේ නඩු පවරා ඇති අතර, මහේස්ත්රාත්වරයා ඊයේ දැනුම් දුන්නේ තමා සිදුකළ වරද පිළිගැනීම හේතුවෙන් සැකකාරියට ලබන 30 වනදා මෙලෙස දඩුවම් නියම කරන බවයි.