Gossips

අමුතු හැකියාවෙන් රටම වසඟයට ගත් සුරූපී තාරාකාවියට 2019 ඇරඹුමේම හිමිවූ සුපිරි තැන

පසුගිය වසරේ ලෝකයේ අවධානය යොමුවූ සුරූපී ක්‍රිකට් තාරකාවිය වෙත මේ වනවිට නැවතත් ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඇය ස්මිරිටි මන්දනා.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ඇයගේ සුරූපී බව නිසාම පමණක් නොව පිත්තෙන් දක්වන සුවිශේෂ දක්ෂතාව නිසාම පසුගිය වසරේ ලෝකයේම කතාබහට ලක්වූවා.
නැවතත් ඇය වෙත ලෝකයේ අවධානය යොමුව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කිරීම හේතුවෙන්.
මීට අමතරව ඇය වසරේ හොදම එක්දින ක්‍රීඩිකාව වශයෙන්ද සම්මානය දිනා ගැනීම විශේෂත්වයක්.
22 හැවිරිදි මන්දනා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකදී අර්ධ ශතකයක් වාර්තා කර තිබෙනවා.
එක්දින තරග 44 කදී ශතක තුනක් සහ අර්ධ ශතක 13 ක් සමගින් ඇය තමන් සතුකරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 1602 ක්.
විස්සයි විස්ස තරඟ 52 කදී අර්ධ ශතක හයක් සමග මන්දනා විසින් ලකුණු 1046 ක් රැස්කරගැනීමට සමත්ව තිබෙනවා.
පසුගිය 2018 වසර පුරා පිත්තෙන් දස්කම් දැක්වූ ඇය තරඟ 12 කදී ලකුණු 669 ක් ලබා ගැනීම මෙලෙස සම්මාන දිනා ගැනීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.