Gossips

අමුතු විෂයක් පාසලට එන බවට චෝදනා

පාසල් දරුවන්ට සහ සංස්කෘතියට නොගැලපෙන විෂයක් අධ්‍යාපන පද්ධතියට එක් කිරීමේ සූදානමක් පවතින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් නීතිඥ ලේකම් කපිල ගමගේ මේ බව සදහන් කළා.
‘‘මේක යෝජනා කරන්නේ තින්ක් ඉක්වල් කියන ලිංගිකමය වශයෙන් වෙනස් වන අයගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතුකරන සංවිධානයක්. ඔවුන් පාසල් වලට අළුත් විෂයක් හදුන්නා දෙන්න උත්සාහ කරනවා. යම් යම් මානව ගුණාංග පැහැදිලි කරමින් තමයි ඔවුන් මේ විෂය හදුන්වා දිමට උත්සහ කරන්නේ. රටවල් 15කින් ඔවුන්ගේ මේ හදුන්වා දිම සඳහා එකඟතාව ලබාගෙන තියෙනවා. ඒ රටවල් 15 ඇතුලේ ශ්‍රී ලංකාව ඉන්නවා. සම ලිංගික හා වෙනත් විෂම ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනිසිටින කණ්ඩායමක් ඔවුන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරනවා. ඒ ආගමික සංස්කෘතික සහ නෛයිතික පැවැත්මට විරුද්ධව කටයුතු කරන අයට තමයි අග්‍රාමත්‍ය කාර්යාලය අනුග්‍රහය ලබාදෙන්නේ අපේ රටේ කවුරුන් හෝ බලදරයන් විසින් ජාතික වශයෙන් එකගතාවක් ලබාදිලා තියෙන්නේ. එහෙම දෙන්න කාටද අයිතියක් බලයක් තියෙන්නේ. දැන් ආණ්ඩුවට වගකිමක් තියෙනවා නිළ වශයෙන් මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය පැහැදිලි කරන්න. විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යංශයටත් අග්‍රාමාත්‍ය කාර්යාලයටත්.
ප්‍රශ්නය – ක්‍රියාත්මක වෙන්නේ එන අවුරුද්දේ සිටද මොකක් හරි එකඟතාවකට ඇවිත් තියෙනවාද අධ්‍යාපන අමාත්‍යංශය?
පිළිතුර – දින වාකවානු සම්බන්ධයෙන් එකගතාවකට ආ බවක් අපිට සොයගන්න නැහැ. මම ගිහින් බැලුවා අධ්‍යාපන අමාත්‍යංශයේ මේ දක්වා නිකුත් කරලා තියෙන සියළු චක්ක්‍රලේඛණ නමුත් එහේම එකක් නිළ ලේඛන වල නැහැ.
ප්‍රශ්නය – ඔබ සඳහන් කරන විදියට මේකට විදේශිකයන්ට නම් වුවමනාව තියෙන්නේ, ශ්‍රී ලංකාවේ ඉන්න අගමැතිවරයා දේශීය කෙනෙක් නෙමෙයිද ?
පිළිතුර – මට හිතෙන්නේ එතන තියෙන්නේ වෙනත් ඥතිසම්බන්ධයක් කියලා. මේ කාරනා ප්‍රවර්ධනය කරන අය සාමාන්‍ය ලිංගික හැසිරිම් හෝ සාමාන්‍ය ලිංගික චර්යාවන් වල නියැලෙන අය නෙමෙයි’’