Gossips

අමුතු ඉලක්කම්වලින් අයවැය කියවන කොළඹ නගරාධිපතිනිය වෙතට රටේම අවධානය

2019 වසර සඳහා කොළඹ මහ නගර සභාවේ අයවැය ලේඛනය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පසුගිය 18 වනදා සභාවට ඉදිරිපත් කළා.
ලබන වසරේදී රුපියල් 16,984,337,000ක සමස්ථ ආදායමක් අපේක්ෂා කරන බවත්, මුළු වියදම රුපියල් 16,983,730,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන බවත් නගරාධිපතිනිය සඳහන් කළා.
නාගරික මන්ත්‍රිවරුන් 119 දෙනා සඳහා අයිපෑඩ් පරිඝනක ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 1134ක් වෙන් කරන බව ද ඇය කියසිටියා.
කොළඹ නගරයේ දිනකට එකතුවන කසළ ප්‍රමාණය මෙට්‍රික්ටොන් 550 දක්වා අඩුකරගැනීමට අපේක්ෂා කරන බව සහ මිශ්‍ර කසල බැහැරකරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා එවැනි ස්ථානවල සීසීටීවී කැමරා සවිකරන බවයි අයවැය කතාව ඉදිරිපත් කරමින් රෝසි සේනානායක අවධාරණය කළේ.
කෙසේ නමුත් ඇය එම අයවැය ලේඛනය “අමුතු ඉලක්කම්වලින්“ කියවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.